රුපියල් කෝටියක් පමණ වටිනාකමින් යුත් වාලම්පුරියක් සමඟ කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් විසින් කිලිනොච්චිය සිට යාපනය දක්වා වාලම්පුරිය රැගෙන යමින් සිටියදී එය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සහ කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ
