ත්‍රිකුණාමලය 22 වන සේනාංක බලකා මූලස්ථාන මාර්ගයේදී අගල් 15 ක් පමණ දිගැති, වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට තැත් කළ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 57 ක්, 43 ක්, 27 ක් සහ 60 ක් වන සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
චීන වරාය සහ මූතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් ඊයේ පස්වරුවේ වෑන් රථයකින් පැමිණ මෙම වාලම්පුරිය විකිණීමට උත්සාහ කර ඇති අතර, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
