Gossips

කෝටියකට වැඩි හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

එක්කෝටි හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කොල්ලූපිටිය ප්‍රදේශයේදී පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 26 සහ 36 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයන් දෙදෙනා සතුව තිබී එහිදී හෙරොයින් ග්‍රෑම් 891 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
මොවුන් මීට පෙරද කිහිපවරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි පරීක්ෂනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.