මීගමුව – කටුවපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී සැකකරුවන් සතුව තිබූ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 8 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
37 හැවිරිදි සහ 43 හැවිරිදි හලාවත – වැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
