Gossips

කෝටියකට අධික හෙරොයින් සමඟ සැකකරුවෙකු මාරවිලදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකරුවෙකු මාරවිල – දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාරවිල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
28 හැවිරිදි සැකකරු ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 53 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු දෙහිවල – රණජයගම ක්‍රීඩාංගණය අසළදී ඊයේ (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.