Gossips

කෝටියකට අධික මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඔරුගොඩවත්තේ කන්ටේනරයක

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබූ රුපියල් එක්කෝටි එක් ලක්ෂ පනස් තුන්දහසක වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක් තුළ තිබී රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
ඊයේ සොයාගත් මෙම කන්ටේනරයේ තිබී රුපියල් මිලියන 2.9 ක වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 945 ක්, රුපියල් මිලියන 80 ක වටිනාකමකින් යුත් කුෂ් නැමති ගංජා කිලෝග්‍රෑම් 2 ක්ද සොයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ.
එමෙන්ම විදේශීය සැර මත්පැන් බෝතල් 220 ක්, වයින් බෝතල් 225 ක් සහ බියර් ටින් 100ක්ද රේගු භාරයට ගෙන තිබෙනවා.
මෙම කන්ටේනරය ඉතාලියේ සිට මෙරටට එවා ඇති අතර, අදාළ භාණ්ඩ ගෙන්වනු ලැබූ පුද්ගලයෙකු හෝ ලිපිනයක් සඳහන්ව නැහැ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිෂ්කාශක නියෝජිතයෙකු සහ වාප්පු ලිපිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.