Gossips

කෝට්ටේ හිටපු පුරපතිට එරෙහි නඩුව කල් යයි

පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මැයි මස 27 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විදෙස් ගතව ඇති බැවින් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඒ අනුවයි මෙම නඩු විභාගය කල් දැමුණේ.
කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එහි උප නගරාධිපති ලෙස ක්‍රියා කළ මධුර විතානගේ ගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළු වී ඔහුගේ පරිගණකයේ තිබූ දත්ත සොරකම් කිරීම තුලින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ජනක රණවකට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.