පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයක් කිරීමට සූදානම් බව කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.
බොදුබලසේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ බැහැදැකීමට පැමිණීමෙන් අනතුරුවයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
