Gossips

කෝට්ටේ යුගය සිහිපත් කරන්න බස්නාහිර මහ ඇමති ලක්ෂ 150 ක් වැය කරයි

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට චෝදනා එල්ල වුණා.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන අමාත්‍යවරයා අද පැවති උත්සවයකදී පැවසුවේ කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරිම සඳහා මෙවැනි දොරටුවක් ඉදිකළ බවයි.
මේ අතර, බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එල්ල වූ තවත් චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.