Gossips

කෝච්චි පෙට්ටියේ ඉඳන් සෙල්ෆි ගන්න ගිය තරුණයාට මරු කැඳවූ අධිබලැති විදුලි සැර

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රිය මැදිරියක් මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ සවස 6 ට පමණ ඔහු දුම්රිය මැදිරිය මත සිට ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේ දී ඊට යොදාගන්නා සෙල්ෆි ස්ටික් උපකරණය වොල්ට් තිස් දහසක අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මැදිරියක් මත සිටයි.
බිහාර් ප්‍රාන්තයේ සිකන්දර්පුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා විදුලිසැර වැදීමෙන් අනතුරුව බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි සඳහන්.
එම අවස්ථාවේදීම ඔහු මරණයට පත්ව තිබෙනවා.
විදුලිසැර වැදීමත් සමග මෙම තරුණයා ගිනි ගැනීමකට ලක්වූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශකර ඇත්තේ.
මියගිය තරුණයා සමග ගමන් කළ ඔහුගේ මිතුරෙකු සිද්ධියෙන් අනතුරුව පළාගොස් ඇතැයි සඳහන්.