Gossips

කොළඹ – 05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට පැය 9 ක් ජලය අත්හිටුවයි

හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.