ගල්කිස්ස – සට්ටිගල මාවත ප්‍රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 205 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්මලානේ පදිංචි 41 හැවිරිදි සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර බොරැල්ල – වැලිකඩ බන්ධනාගාරය අසළදී හෙරොයින් ග්‍රෑම් 24 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකාරියක ඊයේ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
කොළඹ 14 පදිංචි 50 හැවිරිදි මෙම සැකකාරිනිය අද මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා.
මට්ටක්කුලිය – කදිරාන වත්ත ප්‍රදේශයේදීද බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ 55 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සමඟින්.
