පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය ධාවනය හෙට සිට මාස 3 ක කාලයක් මැදවච්චිය දක්වා පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා බස් රථ යොදා ගෙන මගීන් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
