Gossips

කොළඹ සහ ගම්පහ ගිනි ගැනීමේ සිද්ධීන් 4 ක්

ගම්පහ – නැදුන්ගමුව – රතුපස්වල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක් අසල පිහිටි ඉඩමක අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
එය මේ වනවිට අදාළ රබර් කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයට පැතිරෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි ගම්පහ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේ.
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථයක් සහ නිලධාරින් පිටත් කර යවා තිබෙනවා.
එසේම, වත්තල, හුණුපිටිය – වෙඩිකන්ද ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ද අද පස්වරුවේ තවත් ගින්නක් හට ගෙන තිබුණා.
මේ අතර, කොළඹ – මාදම්පිටිය කසල කන්දේ සහ බ්ලූමැන්ඩල් කුණු කන්දේ ද සුළු ගිනි ගැනීම් වාර්තා වූ බව පොලීසිය ප්‍රකාශ කළා.