Gossips

කොළඹ – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 6 කට තුවාල

කොළඹ – වැල්ලවාය මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගොස් ඇත්තේ හුංගම හාතාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ 7 හැවිරිදි දැරියක් ද සිටින බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අද අලුයම හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ දකුණු මංතීරුව දෙසට ධාවනය කිරීමේදීයි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇත්තේ.