Gossips

කොළඹ වරාය මුල් තැනට

මේ වසරේ පළමු අර්ධය තුළ ලොව ප්‍රධාන බහලූ මෙහෙයුම් වරාය 30ක වර්ධන අනුපාතය අනුව ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට කොළඹ වරාය සමත් වී තිබෙනවා.
ප්‍රධාන පෙළේ යුරෝපීය, මැදපෙරදිග සහ ආසියානු වරාය අභිබවා කොළඹ වරාය මෙම ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.
කොළඹ වරාය වසරේ පළමු අර්ධයේදී සියයට 15.6ක වර්ධනයක් අත් කරගෙන ඇති අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ පසු වූ සිංගප්පූරු වරාය හිමි කරගෙන ඇත්තේ සියයට 11.6ක වර්ධනයක්.