Gossips

කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත සාමූහික ගිවිසුමකට

කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය අද (14) සාමූහික ගිවිසුමකට එළඹුනා.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.
එම ගිවිසුම් අත්සන් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සහ පර්යන්ත හිමිකාරීත්වය ඇති සමාගම් 2 ක්ද එක්ව තිබෙනවා.
ඉදිරියේදී නැගෙනහිර පර්යන්තයද අදාළ ගිවිසුම් සඳහා එක්වන බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.