Gossips

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලු මෙහෙයුම් ඉහළට

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලූ මෙහෙයුම් මේ වසරේ පළමු අර්ධයේදී වාර්තාගත ලෙස සියයට 19.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා.
2017 වසරේ පළමු අර්ධයේදී මෙහෙය වන ලද බහලූ ඒකක විසි දෙලක්ෂ 81,636ට සාපේක්ෂව මේ වසරේ පළමු අර්ධයේදී මෙහෙය වන ලද බහලූ ඒකක සංඛ්‍යාව 27 ලක්ෂ 33,906ක්.
රජය සතු ජය බහලූ පර්යන්තයේ ප්‍රතිනැව්ගත බහාලූ මෙහෙයුම් සියයට 20.6ක වර්ධනයක් සලකුණු කර ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.