Gossips

කොළඹ වරායේ ප්‍රතිඅපනයන වර්ධනයක්

කොළඹ වරායේ ප්‍රතිඅපනයන කටයුතු පසුගිය ජනවාරි මාසයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ජය බහලූම් පර්යන්තය, දකුණු ආසියා පිවිසුම් පර්යන්තය මෙන්ම කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය යන කොළඹ වරායේ සියලූම අංශවලදී මෙම වර්ධනය දැකිය හැකි බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.
2017 වසරේ ජනවාරියේ කොළඹ වරාය මගින් බහාලූම් තුන්ලක්ෂ 62,451ක් ප්‍රතිඅපනයනය කළ අතර මේ වසරේ ජනවාරි මාසයේ එලෙස ප්‍රතිඅපනයනය කළ භාණ්ඩ සංඛ්‍යාව හාරලක්ෂ 36,303ක්.
එය සියයට 20.4ක වර්ධනයක්.
කොළඹ වරාය මගින් ජනවාරි මාසයේ හැසිර වූ මුළු බහාලූම් ප්‍රමාණය පන්ලක්ෂ 64,155ක් බවයි වරාය අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.