Gossips

කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට දීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ – ඇමති රාජිත

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදියි.
මේ අතර ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය සම්බන්ධයෙන් ලැබුණු හඬ පටවල අන්තර්ගතය පරීක්ෂා කිරීමකින් තොරව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගත නොහැකි බවල සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවා.