කොළඹ වරායේ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නැව් තටාකාංගණයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කළ මොහු ඊයේ (09) රාත්රියේ මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, අධි තාක්ෂණික උපකරණ පද්ධතීන් සහිත නැව් තටාංගණය තුළ මෙවැනි විදුලිසැර වැදීමක් සිදුවූයේ කෙසේ ද යන්න විමර්ශනයක් සිදුකෙරෙන බව පොලීසිය කියා සිටියා.
