Gossips

කොළඹ, ලොව වඩාත්ම ෆොටෝජෙනික් නගරයයි

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය 2019 වසර සඳහා ලෝකයේ වඩාත්ම ෆොටෝජෙනික් හෙවත් නිසැකයෙන්ම ඡායාරූප ගත කළ යුතු සංචාරක නගරය ලෙස නම් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකට අනුව එලෙස කොළඹ ප්‍රථම ස්ථානයට නම් කර ඇත්තේ ජපානයේ යොකොහමා සහ උගන්ඩාවේ මහින්ගා ජාතික ගෝරිල්ලා උද්‍යානය ද පරදවමින්.
විශේෂයෙන් ලොව පුරා සමාජ මාධ්‍යවල සැරි සරන තරුණ පෙළ අතර නව සංචාරක කේන්ද්‍රස්ථාන වෙත ඉහළ ආකර්ශනයක් පවතින බව සමීක්ෂණයේ ප්‍රතිඵල විග්‍රහ කරමින් මිරර් පුවත්පත සඳහන් කළා.