Gossips

කොළඹ – යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක ගින්නක්

කොළඹ – යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවැත්වා තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රථ 5 ක් යොදාගනිමින් ගින්න මැඩපැවැත්වූ බවයි.
ගින්නෙන් එම නිවසේ උඩු මහලට හානි සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර නොරොච්චෝලේ ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ වෙළඳසැලක ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසැළට දැඩි හානි සිදුව තිබෙනවා.