Gossips

කොළඹ මීටර් සහිත රථ ගාල්වලින් දඩ අය කිරීම අත්හිටුවයි

කොළඹ මහ නගර සීමාවේ මීටර් සහිත රථ ගාල්වලින්, ගෙවීම් නොකිරීමේදී දඩ මුදල් අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් ලද උපදෙස් මත මෙම තීරණය ගත් බවයි කොළඹ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අදාළ දඩ මුදල් ඉහළ අගයක් ගන්නා බවට ජනතාවගෙන් ලද ඉල්ලීම් හමුවේ මෙම තීරණය ගෙන ඇතැයි ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළා.