Gossips

කොළඹ – මීගමුව බස් වර්ජනයට අධිවේගි මාර්ගයේ බස් රථත් එක්වෙයි

කොළඹ – මීගමුව සහ කොළඹ – හලාවත මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මාර්ග අංක 240 කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන් අද (15) උදෑසන වර්ජනයක් ආරම්භ කළේ හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන්ගෙන් තමන්ට විවිධ හිරිහැර එල්ල වන බව පවසමින්.
කෙසේ වෙතත්, මේ වනවිට හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් ද තමන්ට කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන්ගෙන් තර්ජන පවතින බව ප්‍රකාශ කරමින් වර්ජනයක නියැලෙනවා.
එමෙන්ම කටුනායක – කොළඔ සුඛෝපබෝගි සේවා සහ අධිවේගි මාර්ග ධාවනය වන පෙෘද්ගලික බස් රථ සේවකයින් ද වර්ජනයට සහය දක්වමින් ධාවන කටයුතුවලින් ඉවත්වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
දිනකට මීගමුව සිට කොළඔ දක්වා ගමන් වාර එකසිය පනහක් පමණ ක්‍රියාත්මක වන බවයි මීගමුව පෞද්ගලික බස් රථ රියදුරු සංගමයේ සභාපති මනෝජ් ජයතිලක අප සමඟ පවසා සිටියේ.