Gossips

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඉදිරි පැය කිහිපය තුළ එම නඩත්තු කටයුත්ත කඩිනමින් සිදුකර, ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.