Gossips

කොළඹ මහ නගර සභාවේ තනතුරු කිහිපයක බදවා ගැනීම් අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ බල්ලන් අල්ලන්නා සහ බල්ලන් විනාශ කරන්නා යන තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් ඊට දක්වන විරෝධය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න ප්‍රකාශ කළේ.
මෙම තනතුරු ඇතුළු මහ නගර සභාවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයට අයත් තනතුරු 09ක් සඳහා පුද්ගලයින් බදවා ගැනීමට පසුගියදා පුවත්පත් දැන්වීමක් පළ කර තිබුණා.
ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත මෙම තනතුරුවලට බදවා ගන්නා පුද්ගලයින්ගේ මූලික වැටුප දක්වා තිබුණේ රුපියල් 24, 250ක්.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ කොලඹ මහ නගර සභාව සත්ව ඝාතන සිදු කරන බවට චෝදනා කර තිබූ නමුත් නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න කියා සිටියේ එලෙස බල්ලන් ඝාතනය කිරීම සඳහා මෙම තනතුරුවලට පුද්ගලයින් බදවා නොගන්නා බවයි.