Gossips

කොළඹ මහ නගර සභාවත් මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට සැරසේ

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම ගැන සංවාදයක් ඇතිවී එය යටපත්වෙමින් පවතින අවස්ථාවක, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ දීමනා ඉහළ දැමිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව නාගරික මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කළ යුතු බවට කරුණු දක්වමිනුයි අදාළ යෝජනාව නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක විසින් පසුගියදා පැවති නගර සභා රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ.
දැනට නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ දීමනාව රුපියල් 20,000 සිට 45,000 දක්වා වැඩි කිරීමට එහිදී යෝජනාවී තිබෙනවා.
මේ අතර බස්නාහිර පළාත් සභාවට රුපියල් හයලක්ෂ හතළිස් දහස බැගින් වටිනා පුටු 125ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියද පන්නිපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී අදහස් පළ කරමින් කියා සිටියේ පුටු මිලදී ගැනීමට යන මුදලින් හරි අඩක් බදු වශයෙන් අයවන බවයි.