Gossips

කොළඹ – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් (ඡායාරූප)

කොළඹ – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.
කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනි නිවීමේ රථ 9ක් යොදා ගින්න මැඩ පැවැත්වූ බවයි.
අදාළ ගින්න ඒ අසල තිබූ තවත් කාර්යාල ගොඩනැගිල්ලකට ද ව්‍යාප්ත වෙමින් පැවති අතර එය ද ගිනි නිවීමේ සේවා නිලධාරීන් මැදිහත්ව මැඩ පවත්වනු ලැබුවා.
මෙම ගින්න හේතුවෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, කටුනායක අධිවේගී මාර්ගයේ 20 වන කිලෝමීටර් කණුව ආසන්න රක්ෂිතයක ද අද දහවල් ගින්නක් හට ගත්තා.
එය මැඩ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථයක් ද යොදවා තිබෙනවා.