Gossips

කොළඹ බළලූන්ටත් වඳ සැත්කම්

කොළඹ නගරයේ අයාලේ යන සුනඛයින්ට අමතරව, බළලූන් පාලනය සදහා ද වන්ද්‍යාකරණ සැත්කම් සිදුකිරීම කෙරෙහි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.
මහජනතාවගෙන් නිතර ලැබෙන පැමිණිලි සලකා බලා ලබන ජනවාරි මාසයේදී බළලූන්ට ද වන්ද්‍යාකරණ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය විපුල ධර්මවර්ධන කියා සිටියේ.
කොටුව ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන පරිශ්‍ර ගණනාවකින් බළලූන් ගහනය ඉහළ යාම පිලිබදව පැමිණිලි රැසක් ලැබී ඇති බව ද ඔහු සදහන් කළා.