Gossips

කොළඹ – බදුල්ල පාරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක – මාදොළ ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි.
සුළු වේලාවක් මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන තිබූ අතර, ප්‍රදේශවාසීන් පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිට එය වැළැක්වීම සඳහා පොලීසිය කැඳවා තිබෙනවා.