ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමිනුයි ඒකාබද්ධ විපක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.
ඒ "ජනබල සේනා" නමින්.
ලිප්ටන් වටරවුමෙන් ආරම්භ වූ විරෝධතා රැළිය මේ වන විට විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කරමින් පවතිනවා.
එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ.
