Gossips

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ

වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා.
ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි.
මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් මෙන්ම මාතර සහ ගාල්ලේ සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.
මේ අතර, ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා කණ්ඩායම් 38ක් යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
දකුණ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මුදා ගැනීමේ සහ සහන කටයුතු සඳහා මෙලෙස මෙම කණ්ඩායම් යෙදවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඊට නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සහ මුදවා ගැනීමේ විශේෂ යාත්‍රා බල ගණය මෙන්ම කිමිදුම් අංශයට අයත් නාවිකයින් ද එක්ව සිටිනවා.