මාකදුරේ මධුෂ් ඩුබායි හී සැගව සිටි කාලයේදී ඔහු සමග එක්වී කොළඹ පාතාලය මෙහෙයවූ කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ ඥාතීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයකු අද(29) කෙසෙල්වත්ත මුහන්දිරම් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
ජීව උණ්ඩ 6ක් සමග මෙසේ අත්ඩංගුවට ගත්තේ දිනුක නැමැත්තාගේ පුංචි අම්මා, ඥාති සහෝදරයෙක් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඩුබායි සිට දිනුක ලබාදෙන නියෝග ක්‍රියාත්මක කරමින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට මේ පුද්ගලයින් සම්බන්ද බවටයි වාර්තා වන්නේ.
අද (29) අත්ඩංගුවට ගත් දිනුකගේ පුංචි අම්මාගේ සැමියා ද මත්ද්‍රව්‍ය සමග හසු වී බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය පවසන්නේ.
