Gossips

කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්ධි වීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද උදෑසන 7 සිට පැය 05ක පමණ කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වුණා.
බත්තරමුල්ල, පන්නිපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල – ගල්කිස්ස සහ රත්මලාන ඇතුළු ප්‍රදේශ රැසකට මේ හේතුවෙන් විදුලිය ඇණහිට තිබූ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.