Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයට අද ජලය කැපේ

මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල සැපයුම සීමා කෙරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද රාත්‍රි 09 සිට හෙට පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව කොළඹ – කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
කෙසේ වෙතත්, පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, හෙට අලූයම 4 සිට අනිද්දා අලූයම 4 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගයේ සහ ඊට අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.