Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට අනිද්දා අලූයම 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
මේ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ මෙන්ම පාදුක්ක යන ප්‍රදේශවලට ද හෙට පෙරවරු 8 සිට පැය 21ක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.