Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරයි

විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
ඊට අමතරව ලබන 31 වනදා දක්වා එම ප්‍රදේශවලට ඇතැම් විට කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය නිවේදනය කළා.