Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

විදුලි විසන්ධි කිරීම් සහ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.
එසේම, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස ප්‍රදේශවලට ද අදාළ කාල සීමාවේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.