Gossips

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල නගරයෙන් අවහිර වී තිබෙනවා.
හිරු වාර්තාකරු සදහන් කළේ වරකාපොල පොලීසිය විසින් නගරයේ වාහන නැවැත්වීම සඳහා දියත් කර ඇති ක්‍රමවේදයට එරෙහිව ව්‍යාපාරිකයින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි.
වෙළඳසැල් වසා ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටින බව අප වාර්තාකරු කියා සිටියා.