නව කැළණි පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී කාලයේදී වරින්වර මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.
මේ හේතුවෙන් ඇති වියහැකි මාර්ග තදබදය වලක්වා ගැනිම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.