Gossips

කොළඹ නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිට්ටඹුව පොලිස් ස්ථානය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම කාන්තාව පල්ලෙවෙල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී ඇය සතුව තිබී ලැප්ටොප් යන්ත්‍ර 4 ක්, ජංගම දුරකථන 4 ක් සහ රන් ආභරණ ද පොලිස් භාරයට ගනු ලැබුවා.
සැකකාරිය 23 හැවිරිදි පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කාන්තාව නිට්ටඹුව, කිරිබත්ගොඩ, මීරිගම ආදී ප්‍රදේශවල දිවා කාලයේ නිවාස බිඳ දේපල සොරකම් කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.