Gossips

කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවතට

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සදහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාවට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් එම ඒක පුද්ගල කමිටුව පත් කළ අතර, එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබාදී තිබුණා.