Gossips

කොළඹ නගර සභාවේ විපක්ෂ නායක ධුරයේ ගැටළුවක්

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහා නගර සභාවේ විපක්ෂ නායක ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන එම්.එච්.මන්සිල් පත්කිරිමේ තීරණයට විරෝධය පල කරන බව එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පවසනවා.
කොළඹ මහානගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩිවී අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා කියා සිටියේ මෙම තීරණයට එරෙහිව ඉදිරියේදි අධිකරණ ක්‍රියාමාර්ගවලට එලඹෙන බවයි.