Gossips

කොළඹ නගර සභාවේ පුරපති ධුරය රෝසි සේනානායකට

පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස නම් කර ඇත්තේ රෝසි සේනානායකයි.
නියෝජ්‍ය නගරාධිපති ලෙස මොහොමඩ් තුල්බා මොහොමඩ් ඉක්බාල් පත් කර තිබෙනවා.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජයගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි.
ඊට අමතරව නුවරඑළිය, අක්කරෙයිපත්තුව සහ බණ්ඩාරවෙල මහ නගර සභා සඳහාද ප්‍රධානීන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම කොළොන්නාව, මහරගම, වත්තල – මාබෝල, පානදුර, බේරුවල සහ කුලියාපිටිය නගර සභා සඳහා සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් පත් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව නෝවුඩ්, කයිට්ස්, පූනාකරි, පුදිකුඩිඉරිප්පු සහ වෙරුගල් යන ප්‍රාදේශීය සභා සඳහාද ප්‍රධානීන් පත්කර තිබෙනවා.