Gossips

කොළඹ දන්සල් අඩුවේ

වෙසක් පොහොය නිමිත්තෙන් මහනගර සභා සීමාව තුළ පැවැත්වීම සඳහා ලියාපදිංචි වී ඇති දන්සල් සංඛ්‍යාවේ මෙවර අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයෙහි මහනගර සභා සීමාව තුළ දන්සල් 100ක් පමණ ලියාපදිංචි වන නමුත් මෙවර එය 40 දක්වා අඩු වී ඇති බවයි.
මේ අතර, දන්සැල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 0710 107 107 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.