Gossips

කොළඹ තෙත් බිම් ආශ්‍රිත, කිඹුල් තර්ජන ගැන අවධානයෙන්

කොළඹ නගරයේ වගුරු බිම් ආශ්‍රිතව සැරිසරන කිඹුලන්ගෙන් විය හැකි බලපෑම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වනජීවී විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පවසනවා.
දැනට බෙල්ලන්විල – වේරැස් ගඟ, අත්තිඩිය වගුරුබිම මෙන්ම දියවන්නා ඔය ආශ්‍රිතව මෙවැනි කිඹුලන් නිරීක්ෂණය කළ හැකි බව සඳහන්.
කොළඹ කෙතරම් ජනාකීර්ණ වුවද එහි තෙත් බිම් සහ වගුරුබිම් ආශ්‍රිතව කිඹුලන්ට බෝවීම සඳහා සුදුසු වාතාවරණයක් පවතින බවයි වනජීවී විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ.
මේවායේ වාසය කරන කිඹුලන්ගෙන් ජනතාවට සිදුවිය හැකි අවදානම අවම කරලීම සඳහා ආරක්ෂිත වැට යොදාගැනෙනවා.
කෙසේ නමුත් දැනට ඒ සඳහා සකසා ඇති ආරක්ෂිත වැටවල් මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන බව වනජීවී විද්‍යාඥ ඩිනාල් සමරසිංහගේ අදහසයි.