කොළඹ සහ ත්‍රිකුණාමලයෙන් ආරම්භ වන දුම්රිය ධාවනයෙන් ඉවත් වෙමින් සිදුකළ විරෝධය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.
ඔවුන් අදාළ විරෝධතාව සිදුකරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට පහරදුන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින්.
ඊයේ රාත්‍රියේ දුම්රියට පැන තරුණියක් සිය දිවි හානි කර ගැනීමෙන් පසු ප්‍රකෝප වූ ඇගේ ඥාතීන් ඊට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ත්‍රිකුණාමලය – පාලයුත්තු ප්‍රදේශයේදීයි.
ප්‍රහාරය හේතුවෙන් දුම්රියේ එන්ජිමට දැඩි හානි සිදුවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
