Gossips

කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනයේ ධාරිතාව පුළුල් කෙරේ

කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනයේ ධාරිතාව පුළුල් කිරීමට පියවර ගැනෙනවා.
ඒ අනුව, නව ගැන්ටි‍්‍ර දොඹකර 8 ක් එහි ස්ථාපිත කෙරෙන බවයි එහි මෙහෙයුම් සමාගම ප්‍රකාශ කළේ.
එමගින් බහාලුම් 22,000 කට වැඩි සංඛ්‍යාවක් රැගත් දැවැන්ත නෞකා හැසිරවීමට ද හැකියාව ලැබෙනු ඇති.
එවැනි නෞකා හැසිර වීමට හැකි ආසියාකරයේ වරාය කිහිපය අතරට කොළඹ වරාය ද එක්වනු ඇති බවයි කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනයේ ප්‍රධාන විධායක ජැක් හුවං කියා සිටියේ.
නව පුළුල් කිරිම් මගින් බහාලුම් අංගනයේ ධාරිතාව සියයට 13 කින් ඉහළ යනු ඇති.
එහි කළමනාකාරිත්වය මෙහෙයවනු ලබන්නේ ලොව විශාලතම බහාලුම් අංගන මෙහෙයුම්කරු වන චයිනා මර්චන්ට් පෝට් හෙවත් සී.එම්. පෝට් සමාගමයි.