ගුවන් ආරක්ෂාව පිලිබද ජාත්‍යන්තර දැනුම, ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.
ඒ අත්තිඩිය – ඊගල්ස් ලේක් සයිඞ් සම්මන්ත්රණ ශාලාවේදීයි.
ශ්‍රී ලංකාවේ භූ මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සදහා ගුවන් උපාය මාර්ග යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කර ඇත්තේ 4 වන වරටයි.